ආරක්‍ෂක ලේකම් ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් හමුවෙයි

ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික)එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් ඊයේ (12) ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගාලෝරු හි පැවැත්වෙන Aero India 2025 ගුවන් සංදර්ශනය අතරතුර දී හමුවුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ගුවන් සහ ආරක්‍ෂක ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳ ගවේෂණය කරමින් ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මූලික වශයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණු බවයි.

ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් මෙහිදී අවධාරණය කරන ලද අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ඒකාබද්ධ මුලපිරීම් පිළිබඳ කරුණු හුවමාරු කර ගනු ලැබුවා.

මෙම හමුව සනිටුහන් කිරීම සහ ආරක්‍ෂක සබඳතා තරකර ගැනීමේ අන්‍යෝන්‍ය කැපවීම සංකේතවත් කිරීම වෙනුවෙන් මෙම අවස්ථාවේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එක් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරයා එදිනම ඉන්දීය ගුවන් හමුදා පුහුණු විධානයේ ප්‍රධාන ගුවන් අණදෙන නිලධාරී එයාර් මාර්ෂල් නාගේෂ් කපූර් ද හමුවුණා.

ආරක්‍ෂක අංශයේ අන්‍යෝන්‍ය අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් ඵලදායි සාකච්ඡාවක ඔවුන් නිරත වූ අතර, පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සහ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම මෙම අවස්ථාවේ ඉස්මතු කළා.

සමරු තිළිණ හුවමාරුවකින් මෙම රැස්වීම අවසන් වූ බවත් වාර්තා වනවා.

WhatsApp Image 2025 02 13 at 12.07.08
WhatsApp Image 2025 02 13 at 12.07.07
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?