ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

UL 226 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් අද (11) අලුයම 5.05ට ඩුබායි සිට කටුනායකට පැමිණි අවස්ථාවේ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දරුවා ද සිටි බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු පැවසුවේ.

නිකවැරටිය විශේෂ විමර්ශන ඒකයේ දැනුම්දීමක් මත ආගමන විගමන නිලධාරීන් විසින් මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු ඩෑන් ප්‍රියසාද් නැමැත්තා කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.