AFC Banner
AFC Banner
Empty Ad

සහෝදරියගේ මංගල සාදයේ නටපු තරුණිය මියගොස් ඇද වැටෙයි (වීඩියෝ)

විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදී සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, ජීවිතක්ෂයට පත් වූ තරුණිය වයස අවුරුදු 23ක තරුණියක් බවයි වාර්තා වන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයකින් එම තරුණිය මියගොස් ඇති බවයි.

මෙම තරුණිය ඥාති සොහොයුරියකගේ විවාහ උත්සවයට පෙරේදා රාත්‍රියේ සහභාගී වී එම උත්සවය අතරතුර නර්තනයේ යෙදෙන අවස්ථාවේ දී මියගොස් වේදිකාව මත ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇයව වහාම පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිත් ඇය මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු තහවුරු කර ඇත්තේ.

මේ අතර මෙම තරුණියගේ බාල සහෝදරයෙකු ද වයස අවුරුදු 12 දී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?