සංචාරක ඉල්ලුම වැඩි වුනොත් තවත් ඔඩිසි දුම්රියක් – දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා

දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් හෙට (10) දිනයේ සිට නානුඔය සිට ඇල්ල දක්වා අලුතින් ඔඩිසි දුම්රියක් ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩි. ජයසුන්දර පවසනවා.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ මිලියන 02ක ප්‍රතිපාදන යටතේ හැටන් – සාත්තු නිවාස මාර්ගයේ ඉදිකළ දුම්රිය ආරක්ෂක ගේට්ටුව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම දුම්රියට අධික ඉල්ලුමක් පැවතිය හොත් තවත් මෙවැනිම ඔඩිසි දුම්රියක් ධාවනයට එක්කරන බවයි.

මේ අතර දුම්රිය ප්‍රවේශපත්‍ර කලින් වෙන්කර ගැනීමේ දී මීට පෙර සිදුවූ අක්‍රමිකතාවයන් වළක්වාලීමට මේ වනවිට පියවර ගෙන තිබීම හේතුවෙන් ඕනැම මගියෙකුට දුම්රිය ප්‍රවේශපත්‍ර කලින්වෙන්කර ගැනීමට මේ වනවිට අවස්ථාව පවතින බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම තුන්වන පන්තියේ ආසන වෙන්කර ගැනීම ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මකවන බවත්, එය දිවයින පුරා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?