AFC Banner
AFC Banner
Empty Ad

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ජනවාරියේ වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් රටට

පසුගිය ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මෙම මුදල 2024 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයට වඩා 17.5%ක වර්ධනයක්.

පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේ දී ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණ ඩොලර් මිලියන 487.6ක් බවයි මහ බැංකුව පැවසුවේ.

මේ අතර පසුගිය 2024 වසර තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 6.57ක් වනවා.

එම අගය 2023 වසරේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණයට වඩා 10.1%ක ඉහළ යාමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?