විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ජනවාරියේ වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් රටට

පසුගිය ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මෙම මුදල 2024 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයට වඩා 17.5%ක වර්ධනයක්.

පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේ දී ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණ ඩොලර් මිලියන 487.6ක් බවයි මහ බැංකුව පැවසුවේ.

මේ අතර පසුගිය 2024 වසර තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 6.57ක් වනවා.

එම අගය 2023 වසරේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණයට වඩා 10.1%ක ඉහළ යාමක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05