අමෙරිකාවෙන් ICC වෙත දැඩි විවේචන එල්ල කරමින් තම රටට ඇතුල්වීමට සම්බාධක පනවයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරටට ඇතුල් වීම තහනම් කරමින් සම්බාධක පනවා තිබෙනවා.

අල් ජසීරා මාධ්‍ය ඒජන්සිය සඳහන් කළේ ට්‍රම්ප් පරිපාලනය යටතේ මෙම සම්බාධකය පනවා ඇති බවයි.

ඒ අනුව ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ ඉදිරියේ දී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පරිපාලනයට, සේවකයින්ට හෝ එම පවුල්වල සාමාජිකයින්ට අමෙරිකාවේ සංචාරය කිරීම හෝ වත්කම් ඉපැයීම සඳහා පැමිණීම සිදු කළ නොහැකි වනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) සම්බාධක පනවා ඇත්තේ තම රාජ්‍යය සහ ඊශ්‍රායලය අපයෝජනයට පත් කළ බවට චෝදනා කරමින්.

ඊට අදාළ වන තහනම් නියෝගයකට අද (07) ට්‍රම්ප් අත්සන් තැබුවා.

මෙම පියවර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ එක්සත් ජනපද සංචාරයට සමගාමීව සිදු කෙරුණා.

මේ මාසයේදී ICC විසින් නෙතන්යාහුට මෙන්ම හිටපු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකුට ගාසා තීරයේ යුද්ධයේ දී යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කළා.

ට්‍රම්ප්ගේ නියෝගයේ සඳහන් වූයේ හේග් පදනම් කරගත් අධිකරණය ඊශ්‍රායල ජාතිකයින්ට වරෙන්තු නිකුත් කිරීමෙන් “තම බලය අනිසි ලෙස භාවිතා කර ඇති” බවයි.

ධවල මන්දිරය විසින් ඊශ්‍රායලය “යුද නීතිවලට දැඩි ලෙස අනුගත වන හමුදාවක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්” ලෙස ද නිර්වචනය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
16
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?