රුසියානු යුද්ධයට එක් වූ ලාංකිකයින් 554න් 59ක් මියගිහිං

රුසියානු – යුක්‍රේන යුද කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් ගොස් සිටින ලාංකිකයින් අතරින් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අනාවරණය කළා.

අද (07) දහවල් පාර්ලිමේන්තු සභා වාරයේ අදහස් පළ කරමින් ඒ මහතා ස්ථාවර නියෝග 27 (2) යටතට පිළිතුරු ලබාදෙමින් මේ බව කියා සිටියා.

2025 ජනවාරි මස 20 වැනි දින වනවිට රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයෙන් අදාළ තොරතුරු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයට ලැබී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට ලාංකිකයින් 554 දෙනෙකු රුසියානු යුද්ධයට එක් කර ඇති බවත් ඉන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත්; එලෙස මියගිය ලාංකිකයින්ගේ නාමලේඛනය සභාගත කිරීමට සහ හැන්සාර්ඩ්ගත කිරීමට යොමු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

කිසිම අවස්ථාවක නො කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් රුසියානු හමුදාව වෙත ලාංකිකයින් බඳවාගෙන ඇති බවට තොරතුරක් නොලැබෙන බවත් විජිත හේරත් මහතා කියා සිටියා.

එමෙන්ම එම යුද්ධයෙන් මිදීමට අවශ්‍ය ලාංකික තරුණයින් ඉන් ගලවා ගැනීමට රුසියානු රජය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ද එය තවදුරටත් සිදු කෙරෙන බව ද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43