රජය වී සඳහා ලබාදෙන මිල ගණන් නිවේදනය කර තිබෙනවා.
අද (05) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදියි අදාළ වී මිල සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ.
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 120ක මිලක් නාඩු වී වෙනුවෙන් නිර්දේශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළා.
මීට වියළි වී සහ නාඩු වී යන දෙවර්ගයම ඇතුළත් වනු ඇති.
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 132කටත් මිල දී ගන්නා බව ද අමාත්‍ය ලාල්කාන්ත මහතා පැවසුවා.
සහල් මිල සහ ගොවියාගේ නිෂ්පාදන ගැන සිතා මෙම තීන්දුව ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1