රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැකලීන් මුකන්ගිරා (Jacqueline Mukangira) මහත්මිය සහ මෙරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් සිදු කෙරුණා.

මෙම නිල හමුව ඊයේ (03) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු වූ බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පවතින සහ ඉදිරියේ දී සිදු කළ හැකි ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ ව වැඩි අවධානයක් යොමු ව තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අඛණ්ඩ ව පවත්වාගෙන යාමට රුවන්ඩාවේ අපේක්ෂාව පිළිබඳ මහකොමසාරිස්වරිය එහිදී යළිත් අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර වෙළෙඳාම, ආයෝජනය සහ දැනුම හුවමාරුව පුළුල් කිරීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳ ව ද මෙහිදී අදහස් හුවමාරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?