AFC Banner
AFC Banner
Empty Ad

කෝප් කමිටුවේ පළමු රැස්වීම 18 වනදා – පළමු කැඳවීම තරුණ සේවා සභාවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ මංගල රැස්වීම පෙබරවාරි 18 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව පළමු දිනයේ දී ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පෙබරවාරි 20 වන දින එම කමිටුව හමුවට කැඳවීමට නියමිත බව ද සඳහන්.

කෝප් කමිටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ සාමාජිකයින් සංඛ්‍යාව15 ක් වන අතර, විපක්ෂයේ කිසිඳු නියෝජිතයෙකු මෙතෙක් ඒ සඳහා නම් කර නොමැති වීම ද විශේෂත්වයක්.

මෙවර කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?