කළගුණ මතක, මහාධිකරණය විනිසුරු එම්.ඉලන්චේලියන් විශ්‍රාම යයි (ඡායාරූප)

වවුනියාව මහාධිකරණ විනිසුරු ලෙස සේවය කළ මානික්කවාසගම් ඉලන්චේලියන් මහතා සිය සේවා දිවියෙන් විශ්‍රාම ගොස් තිබෙනවා.

ඒ, මහතාගේ විශ්‍රාම යාමේ උත්සවය ඊයේ (01) වවුනියාව අධිකරණ සංකීර්ණයේ දී පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වවුනියාව, යාපනය, ත්‍රිකුණාමලය මහාධිකරණයන්හි දිගු කලක් සේවය කර ඇති ඔහු අත්දැකීම් බහුල මහාධිකරණ විනිසුරුවරයෙක්.

මතභේදාත්මක නඩු විභාග ගණනාවක් වෙනුවෙන් පෙනී සිටි එම්.ඉලන්චේලියන් මහතා යුද සමයේ අතුරුදහන්වූවන් වෙනුවෙන් පවතින හබයාස්කෝප් නඩුව වැනි අභියෝගාත්මක නඩු රැසක් විනිශ්චය කළ අයෙක් ද වනවා.

2017 වසරේ ජුලි මාසයේ යාපනය ප්‍රදේශයේ දී වෙඩි තැබීම සිද්ධියකට මුහුණදීමට ද සිය සේවා කාලය තුළ විනිසුරු ඉලන්චේලියන් මහතාට සිදු වුණා.

කෙසේ වෙතත් ඉන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුනොවූ අතර, විනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් සැරයන්වරයා එම වෙඩි ප්‍රහාරයට ලක්ව මියගියා.

තමන්ගේ ජීවිතය බේරා වෙඩි උණ්ඩයකට බිළි වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර වෙනුවෙක් කෘතගුණ දැක්වීමට කටයුතු කළ විනිසුරු එම්. ඉලන්චේලියන් පිළිබඳව එවක සමාජය තුළ වැඩි අවදානයක් යොමු වුණා.

Ilancheliyan 05
Ilancheliyan 04
Ilancheliyan 02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14