සමහර රටවල කොවිඩ් ආසාදිතයින් අඩුවීමට හේතුව

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ ද  ලොව බොහෝ රටවල මේ වනවිට දක්නට ලැබෙන්නේ කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමකි.

එන්නත්කරණ වැඩපිළිවෙළ ඊට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇතැයි විශ්වාස කෙරේ.

ලොව කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම හා මරණ වාර්තාවීම ඊට පෙර සතියට සාපේක්ෂව ගෙවුණු දින 07 තුළ අඩුවීමක් පෙන්නුම් කර ඇත.
 
එසේ වුවත් ඉන්දියාවේ පෙර සතියට සාපේක්ෂව ආසාදිතයන් සංඛ්‍යාව 11% කින් ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද 26%කින් ඉහළගොස් තිබුණි.

ඉන්දියාවේ මෙන්ම බ්‍රසීලය, නේපාලය, මැලේසියාව, කොස්ටරිකාව, ශ්‍රී ලංකාව, බොලීවියාව, දකුණු අප්‍රිකාව යන රටවලද ආසාදිත සංඛ්‍යාවේ අධික වර්ධනයක් ගෙවුණු සතියේ පෙන්නුම් කළ අතර ශ්‍රී ලංකාව දෛනික වැඩිම ආසාදිතයන් වාර්තාවන රටවල් ලැයිස්තුවේ 39 වන තැනට පත්ව සිටී.

නමුත් මෙතෙක් කල් ලොව වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වූ අමෙරිකාව, තුර්කිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 41කම රෝගීන් වාර්තාවීම පෙර සතියට සාපේක්ෂව පසුගිය සතියේදී අඩුවීමක් පෙන්නුම් කර ඇත.

මෙලෙස සීඝ්‍ර ව්‍යාප්තියක් තිබූ රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම පහළයාමට බලපෑවේ එන්නත්කරණයද ?

කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 1.21ක් ලොව රටවල් සහ කලාප 190 ක ජනතාවට මේ වන විට ලබා දී අවසන්ය.

ඉන් අඩක්ම බෙදී ගොස් ඇත්තේ අමෙරිකාව, චීනය හා ඉන්දියාව අතරය. 

එක් එන්නතක් හෝ නොලැබුණු රටවල් රැසක්ද ලොව පවතී.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වර්තා වී ඇති අමෙරිකාවේ සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන්ම එක් පුද්ගලයකුට කොවිඩි ආසාදනය වී ඇති අතර මේ වන විට එරට ජනගහනයෙන් 50% කට ආසන්න පිරිසකට එන්නත් ලබාදී තිබේ.

පසුගිය සතියට සාපේක්ෂව ගෙවුණු සතියේ අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම 14% කින් පහළ ගොස් තිබුණි.

බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 50 %ට අසන්න පිරිසකට මේ වන විට එන්නත් ලබාදී අවසන් අතර ගෙවුණු සතියේ එරටින් ආසාදිතයන් වාර්තාවීම 12% කින් පහළ ගොස් ඇත.

ඊශ්‍රායලයේ ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත් ලබාදී ඇති අතර එරට කොවිඩ් පාලනය වී තිබීම සැලකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැලඳීමේ නීතියද ලිහිල් කර තිබේ.

රටක ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම ජනතාවක් එන්නත්කරණයට ලක් කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ජිබ්‍රොල්ටා රාජ්‍යයේ වන අතර එම ප්‍රතිශතය 99.8% කි.

පසුගිය සතියේ එරටින් වර්තා වි ඇත්තේ ආසාදිතයින් තිදෙනෙකු පමණි.

මෙලෙස එන්නත්කරණය සිදුකළ බොහෝ රටවල් වල පසුගිය සතියේ සැලකියයුතු ආකාරයට ආසාදිතයන් වාර්තාවීම පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේද කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කළත් එන්නත්කරණය වැඩි වශයෙන් ක්‍රියාත්මක වූ ප්‍රදේශවල ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබේ.

මෙරට ජනතාවගෙන් 4%කට අසන්න පිරිසක් මෙවන විට එන්නත් ලබාගෙන ඇති අතර අධික ජන ඝනත්වයක් සහිත කොළඔ මහ නගර සභා සිමාවේ පුද්ගලයින් 5%ක් එන්නත් කර තිබේ.

මෙරටින් ඊයේ (05) වර්තා වූ ආසාදිතයන් අතුරින් 498 දෙනෙකු වන වැඩිම පිරිසක් කොළඔ දිස්ත්‍රික්කයෙන් වර්තා වුණද කොළඔ නගර සිමාවේන් වර්තා වි ඇත්තේ ඉන් ආසාදිතයන් 40 දෙනෙකු පමණි.

ඉතිරි ආසාදිතයින් 458 දෙනා පිළියන්දල, මුල්ලේරියාව, පාදුක්ක, හංවැල්ල, වැල්ලම්පිටිය, ගොතටුව හා කඩුවෙල මහ නගර සභා සිමාවෙන් හඳුනාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53