සමහර රටවල කොවිඩ් ආසාදිතයින් අඩුවීමට හේතුව

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ ද  ලොව බොහෝ රටවල මේ වනවිට දක්නට ලැබෙන්නේ කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමකි.

එන්නත්කරණ වැඩපිළිවෙළ ඊට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇතැයි විශ්වාස කෙරේ.

ලොව කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම හා මරණ වාර්තාවීම ඊට පෙර සතියට සාපේක්ෂව ගෙවුණු දින 07 තුළ අඩුවීමක් පෙන්නුම් කර ඇත.
 
එසේ වුවත් ඉන්දියාවේ පෙර සතියට සාපේක්ෂව ආසාදිතයන් සංඛ්‍යාව 11% කින් ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද 26%කින් ඉහළගොස් තිබුණි.

ඉන්දියාවේ මෙන්ම බ්‍රසීලය, නේපාලය, මැලේසියාව, කොස්ටරිකාව, ශ්‍රී ලංකාව, බොලීවියාව, දකුණු අප්‍රිකාව යන රටවලද ආසාදිත සංඛ්‍යාවේ අධික වර්ධනයක් ගෙවුණු සතියේ පෙන්නුම් කළ අතර ශ්‍රී ලංකාව දෛනික වැඩිම ආසාදිතයන් වාර්තාවන රටවල් ලැයිස්තුවේ 39 වන තැනට පත්ව සිටී.

නමුත් මෙතෙක් කල් ලොව වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වූ අමෙරිකාව, තුර්කිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 41කම රෝගීන් වාර්තාවීම පෙර සතියට සාපේක්ෂව පසුගිය සතියේදී අඩුවීමක් පෙන්නුම් කර ඇත.

මෙලෙස සීඝ්‍ර ව්‍යාප්තියක් තිබූ රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම පහළයාමට බලපෑවේ එන්නත්කරණයද ?

කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 1.21ක් ලොව රටවල් සහ කලාප 190 ක ජනතාවට මේ වන විට ලබා දී අවසන්ය.

ඉන් අඩක්ම බෙදී ගොස් ඇත්තේ අමෙරිකාව, චීනය හා ඉන්දියාව අතරය. 

එක් එන්නතක් හෝ නොලැබුණු රටවල් රැසක්ද ලොව පවතී.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වර්තා වී ඇති අමෙරිකාවේ සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන්ම එක් පුද්ගලයකුට කොවිඩි ආසාදනය වී ඇති අතර මේ වන විට එරට ජනගහනයෙන් 50% කට ආසන්න පිරිසකට එන්නත් ලබාදී තිබේ.

පසුගිය සතියට සාපේක්ෂව ගෙවුණු සතියේ අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම 14% කින් පහළ ගොස් තිබුණි.

බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 50 %ට අසන්න පිරිසකට මේ වන විට එන්නත් ලබාදී අවසන් අතර ගෙවුණු සතියේ එරටින් ආසාදිතයන් වාර්තාවීම 12% කින් පහළ ගොස් ඇත.

ඊශ්‍රායලයේ ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත් ලබාදී ඇති අතර එරට කොවිඩ් පාලනය වී තිබීම සැලකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැලඳීමේ නීතියද ලිහිල් කර තිබේ.

රටක ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම ජනතාවක් එන්නත්කරණයට ලක් කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ජිබ්‍රොල්ටා රාජ්‍යයේ වන අතර එම ප්‍රතිශතය 99.8% කි.

පසුගිය සතියේ එරටින් වර්තා වි ඇත්තේ ආසාදිතයින් තිදෙනෙකු පමණි.

මෙලෙස එන්නත්කරණය සිදුකළ බොහෝ රටවල් වල පසුගිය සතියේ සැලකියයුතු ආකාරයට ආසාදිතයන් වාර්තාවීම පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේද කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කළත් එන්නත්කරණය වැඩි වශයෙන් ක්‍රියාත්මක වූ ප්‍රදේශවල ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබේ.

මෙරට ජනතාවගෙන් 4%කට අසන්න පිරිසක් මෙවන විට එන්නත් ලබාගෙන ඇති අතර අධික ජන ඝනත්වයක් සහිත කොළඔ මහ නගර සභා සිමාවේ පුද්ගලයින් 5%ක් එන්නත් කර තිබේ.

මෙරටින් ඊයේ (05) වර්තා වූ ආසාදිතයන් අතුරින් 498 දෙනෙකු වන වැඩිම පිරිසක් කොළඔ දිස්ත්‍රික්කයෙන් වර්තා වුණද කොළඔ නගර සිමාවේන් වර්තා වි ඇත්තේ ඉන් ආසාදිතයන් 40 දෙනෙකු පමණි.

ඉතිරි ආසාදිතයින් 458 දෙනා පිළියන්දල, මුල්ලේරියාව, පාදුක්ක, හංවැල්ල, වැල්ලම්පිටිය, ගොතටුව හා කඩුවෙල මහ නගර සභා සිමාවෙන් හඳුනාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?