පොම්ප ක්‍රියාකරු රවටා පිරවුම්හළෙන් ඉන්ධන සොරාගත් බස් සේවකයා – CCTV දර්ශන සහිතයි

ඉන්ධන පිරවුම්හළක සේවකයින් රවටා බස් රථයකට ඉන්ධන ලබාගත් සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා විය.

කුරුණෑගල පුත්තලම පාරේ සමූපකාර ඉන්ධන පිරවුම්හළෙ එම සිද්ධිය ඇතිව තිබුණි.

පිරවුම්හළෙ සේවකයින් මෝටර් රථ සඳහා පෙට්‍රල් ලබාදීම සිදුකරමින් සිටියදී ඩීසල් ඉන්ධන ලබාදෙන පොම්පය ඔවුන්ට නොපෙනෙන ආකාරයෙන් බස්රථය නවතා මෙම ඉන්ධන සොරකම සිදුකර තිබුණි.

අදාළ බස් රථයෙන් බැස එන එක් පුද්ගලයෙකු ප්‍රථමයෙන් රුපියල් 4,000ක ඉන්ධන වංචා කර බස් රථයට ලබාගන්නා අතර පසුව මීටරය යළිත් සකසා සේවකයා පැමිණි පසු රුපියල් 2,000ක මුදලක් දී යළිත් ඉන්ධන ලබා ගැනීම සිදුකර තිබුණි.

ඒ බව අනාවරණය වී ඇත්තේ ඉන්ධන පිරවුම්හළෙ ඇති  CCTV කැමරා පරීක්ෂා කිරීමේදීය.

අදාළ බස් රථය මහනුවර – කුරුණෑගල මාර්ගයේ ධාවනය වන බස් රථයක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44
Video thumbnail
පෝළිම් හදලා ආණ්ඩුව පෙරළන්න ඕනි නෑ..බොරුවෙන්ම ගෙදර යයි
04:27
Video thumbnail
විදේශීය තැපැල් කටයුතු ඇණහිටියි ? තැපැල්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:40
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46