දේශපාලනාධිකාරියේ ඉල්ලීම් මත විවෘත කළ පිළියන්දලට අත් වූ ඉරණම

ඊයේ දිනයේ දිවයිනේ වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය අඛණ්ඩව තෙවැනි දිනටත් 1000 සීමාව ඉක්මවා ගියා.

මේ අතරින් සෞඛ්‍ය බලප්‍රදේශයක වැඩිම ආසාදිතයන් වාර්තා වීම දැක්වුණේ පිළියන්දල සෞඛ්‍ය බල ප්‍රදේශයේයි.

එය ගණනින් ආසාදිතයන් 122ක් ලෙසයි දැක්වුණේ.

පිළියන්දල කැස්බෑව අවට ප්‍රදේශවල දැඩි සංචරණ සීමා පැනවියයුතු බවට සෞඛ්‍ය අංශ බලධාරීන් නිර්දේශ කර තිබියදී එම නිර්දේශ අභිබවා යමින් ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයින් ක්‍රියාත්මක වූ බව පසුගිය දින කිහිපය පුරා වාර්තා වුනා.

මෙය වඩාත් ප්‍රබල ලෙස සමාජයට දැනෙන කරුණක් වූයේ කැස්බෑව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර විසින් පිළියන්දල ප්‍රදේශයේ සංචරණ සීමා ලිහිල් කිරීම සිදුකළේ සියේ විරෝධය මැද්දේ බව මාධ්‍යට ප්‍රකාශ කිරීමත් සමඟයි.

මතුව ඇති කොවිඩ් 19 දැඩි රෝග ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය බලධාරීන් ගතයුතු තීන්දු තීරණ කෙරෙහි බලපෑම් එල්ලකරන දේශපාලන අඳබාලයින් සමාජයට දෙනු ලබන ආදර්ශය කුමක් ද.?

මෙවැනි කාරණා හරහා අසරණ වන සමස්ත මහජනතාවත් පොදුවේ බිඳ වැටෙන මෙරට සෞඛ්‍ය යාන්ත්‍රනයත් පිළිබඳව වගකියන්නේ කවුද ?

ඊයේ දිනයේ පිළියන්දලින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව අපට පෙන්වාදෙන්නේ මෙම සරල යතාර්ථයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44
Video thumbnail
පෝළිම් හදලා ආණ්ඩුව පෙරළන්න ඕනි නෑ..බොරුවෙන්ම ගෙදර යයි
04:27
Video thumbnail
විදේශීය තැපැල් කටයුතු ඇණහිටියි ? තැපැල්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:40
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40