Empty Ad
AFC Banner
Empty Ad

නාමල් කුමාර ව නඩුවෙන් මුදා හරින්න – අධිකරණය

එල්.ටී.ටී.ඊ සංවිධාන හා සම්බන්ධ දැන්වීම් සිය මුහුණු පොත හරහා ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන ආකාරයට කටයුතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන “නාමල් කුමාර” නමැත්තා එම නඩුවෙන් මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (27) නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ සැකකාර පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට හැකියාවක් නොමැති පෙන්වාදෙමින් සැකකරු එසේ මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය අවශ්‍ය නම් වෙනත් පනතක් යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ .බණ්ඩාර මහතා කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වන බවත් මෙම සිද්ධියට අදාළ ව විදේශිය රටවල්වල එල්.ටී.ටී.ඊ. සංගමය දැක්වෙන ධජ, පෝස්ටර් ආදිය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?