නාමල් කුමාර ව නඩුවෙන් මුදා හරින්න – අධිකරණය

එල්.ටී.ටී.ඊ සංවිධාන හා සම්බන්ධ දැන්වීම් සිය මුහුණු පොත හරහා ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන ආකාරයට කටයුතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන “නාමල් කුමාර” නමැත්තා එම නඩුවෙන් මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (27) නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ සැකකාර පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට හැකියාවක් නොමැති පෙන්වාදෙමින් සැකකරු එසේ මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය අවශ්‍ය නම් වෙනත් පනතක් යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ .බණ්ඩාර මහතා කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වන බවත් මෙම සිද්ධියට අදාළ ව විදේශිය රටවල්වල එල්.ටී.ටී.ඊ. සංගමය දැක්වෙන ධජ, පෝස්ටර් ආදිය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32