මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අද (27) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නීති විරෝධීව උපයාගත් බව කියන මුදල් වලින් දෙහිවල ප්‍රදේශයේ නිවසක් සහ ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව පෙරේදා (25) දිනයේ දී අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
දක්ෂිණ අධිවේගයේ බෙලිඅත්ත පිවිසුමේ දී ඔහුව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු වෙත රැගෙන එනු ලැබුවා.
එහිදී ඔහුගෙන් පැය 03ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට එදින පස්වරුවේ ඉදිරිපත් කෙරුණා.
එහිදී මහේස්ත්‍රාත්වරි ඔහුව අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, අද දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද නියෝග කර සිටියා.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහුව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.





