යෝෂිත අද උසාවියට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අද (27) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

නීති විරෝධීව උපයාගත් බව කියන මුදල් වලින් දෙහිවල ප්‍රදේශයේ නිවසක් සහ ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව පෙරේදා (25) දිනයේ දී අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

දක්ෂිණ අධිවේගයේ බෙලිඅත්ත පිවිසුමේ දී ඔහුව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී ඔහුගෙන් පැය 03ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට එදින පස්වරුවේ ඉදිරිපත් කෙරුණා.

එහිදී මහේස්ත්‍රාත්වරි ඔහුව අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, අද දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද නියෝග කර සිටියා.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහුව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13