විශ්වවිද්‍යාල කිහිපයක සිසුන්ට කොවිඩ්

විශ්වවිද්‍යාල සිසුන් දිනෙන් දින කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙමින් ඇති බවත් උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.

එහි කැඳවුම්කරු ඉමේෂ් සංගීත් පෙන්වා දෙන්නේ මේ වනවිට විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් ආසාදිතවීමෙන් විශ්වවිද්‍යාල තුළ කොවිඩ් වසංගතය උග්‍රවෙමින් ඇති බවය.

මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් සිසුන් 13 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන තිබීමත් සමග විශ්වවිද්‍යාලය වසා දමා සිසුන් සියලු දෙනා නිවෙස් කරා පිටත්කර ඇත්තේ නිවැසියන් ද අවදානමේ දමමින් බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මොරටුව තොරතුරු තාක්ෂණ පීඨයට අදාළ සිසුන් 4 දෙනෙකු ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවය.

රුහුරු සරසවියේ ද පළමු වසරේ සිසුන් අතර ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් -19 වෛරසය පැතිර යමින් ඇති බව පෙන්වා දෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වනවිට සිසුන් 25 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බවය.

විද්‍යා පීඨයේ 11ක්, වෛද්‍ය පීඨයේ 4ක්,කෘෂිකර්ම පීඨයේ 3ක්, කළමනාකරණ පීඨයේ 5ක් සහ ඉංජිනේරු පීඨයේ 2ක් සිසුන් ආසාදිත වී ඇති බවද ඔහු සඳහන් කරයි.

ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේනදය පහතින්,

20210503
05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26