කොවිඩ් සුවවූ උපෙළ සිසුවා මසකට පසු මරුට

මුන්දලම කරුන්ගාඩිචෝලේ ප්‍රදේශයේ 19 හැවිරිදි සිසුවකු හදිසියේ අද (5දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව  පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි ආනන්ද මුර්ති ශෂීකුමාර් නැමති සිසුවෙකුයි.

මරණයට පත් සිසුවා පුත්තලම නගරයේ කුලි නිවාසයක සිටියදී මෙසේ මරණයට පත්ව තිබේ.

මෙම සිසුවාගේ මව මදුරන්කුලිය ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදි කොරෝනා ආසාධිතව සිටි බවත් ඒ සමගම මෙම සිසුවාටද කොරෝනා ආසාධිතව තිබුණි.

පසුව ඔහු ප්‍රතිකාර ලබා පැමිණ මසකට පසුව මෙසේ මරණයට පත්ව තිබේ.

සිසුවා නවාතැන් ගෙන සිටි ස්ථානයේ හිමිකරු 19 අලුයම සිසුවා පාඩම් කටයුතු සඳහා අවදි කළද අවදි නොවීම නිසා සොයා බැලිමේදි දරුවා සිහිසුන්ව සිටිම නිසා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ වන විටත් සිසුවා මරණයට පත්ව තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

කෙසේ වෙතත් මෙම සිසුවා කොවිඩ් පරීක්ෂාවකට යොමු කිරීමට නියමිත අතර පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09