Friday, January 17, 2025
Empty Ad
AFC Banner
AFC Banner

හෙට සිට පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (18) දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතෙත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යමපළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් වාර්තාවනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ අරමුණක් හරියට ජයගන්න මෙන්න කරන්න ඕනි හරිම වැඩේ
07:02
Video thumbnail
ගිය ආණ්ඩුව සල්ලි නාස්ති කරපු හැටි මේන් - කතාවට කට්ටියම හොල්මන් වෙයි
19:36
Video thumbnail
Breaking news 🛑සමගිය එක්සත් ජාතික පක්ෂය එකතුවෙයි - මෙන්න අද ගත්තු තීරණය
12:37
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් විපක්ෂයේ රෙදි ගලවයි
03:51
Video thumbnail
30%කින් අඩුවෙන්න තිබ්බ විදුලි බිල - ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
21:50
Video thumbnail
ආණ්ඩුව පුරසාරම් දෙඩුවට - තවම පොහොර සහනාධාරය නොලැබුණු අය ඉන්නවා
03:48
Video thumbnail
යාපනයේ උණුසම් විරෝධයක්
04:15
Video thumbnail
තංගල්ල වීරකැටිය මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
03:24
Video thumbnail
ගුරුවරුන්ව පාසලෙන් දොට්ට දාලා - ජෝසප් ස්ටාර්ලින් දුම්මල වරම අතට ගනී
04:44
Video thumbnail
ගෙවල් වලට වෙලා තනියෙන් අඩන අම්මලා තාත්තලා කොච්චර ඉන්නව ද ? සම්පූර්ණ වැඩසටහන - 👇👇👇
00:44

?