UPDATE:මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනකු මරුට (වීඩියෝ)

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් සිව්දෙනාගෙන් දෙදෙනකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ මෙම වෙඩි තැබීම අද පෙරවරුවේ සිදු ව ඇති අතර නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සෙසු දෙදෙනා මන්නාරම දිස්ත්‍රික් රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

——————————————————————————

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.

මීට ටික වේලාවකට (16) පෙර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

වෙඩික්කරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.