සෞඛ්‍ය ඇමති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණයක

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ ඖෂධ ක්ෂේත්‍රය පත්ව ඇති බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ, අනුව ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්වත් කිරීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බවත් අමාත්‍යවරයා පවසනවා.

නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම ආයතනයේ දැක්ම සාර්ථක කරමින් ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍යවරයා ආයතනයේ සභාපතිවරයා සහ පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද මෙහිදී නිරත වුණා.

ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදුකරනු ලැබුවා.

මෙහි දී ආයතනික සමාජ වගකීම්, රසායනාගාර පහසුකම්, පූර්ව සහ අලෙවිකරණ තත්ත්ව සහතික නිකුත් කිරීම්, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන් ම ආයතනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමුකර සිටියා.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ සියළු මෙහෙයුම් කටයුතු එක් එක් අංශ වෙත ගොස් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ අතර, එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටළු පිළිබඳව කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43