පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීමට උත්සහා දරා තිබෙනවා.
එසේ මෙරට ඇතුල්වීමට දැරූ උත්සහය නාවික හමුදාව විසින් වැළැක්වීමට පියවර ගත්තා.
අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුලු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙය සිදු කිරීමට හැකිව තිබෙන බවයි වාර්තා වන්නේ.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් ගොඩ නැගී තිබෙනවා.
එබැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගත්තා.














ගුවනින් හොටල් නිරෝ දා යනයට එන්නෙ යහමින් මුදල් තිබෙන උදවිය. හොරාට බෝට්ටුවලින් එන්නෙ දිලින්දන් ධනවතුන් මුදලට නිරෝදායනය කරන්න පුලුවන් නම් , ” ප්‍රසන්න රණතුන්ග ” ඇම්ති වරයාට කියන්න ඉල්ල සිටිනුයේ ඔවුන් වත් රොගීන් ගයා සරනාගතයින් බරගත්තා වගෙ නිරෝදයනය කරන ලෙසය.