ලොස් ඇන්ජලීස් අළු කරමින් ලැව් ගින්නක් පැතිර යයි (ඡායාරූප)

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, ලොස් ඇන්ජලීස් හි මේ වනවිට පැතිර යන ලැව් ගින්න හේතුවෙන්.

ලැව් ගින්න පැතිරි යාමත් සමඟ පුද්ගලයන් 30,000කට වැඩි පිරිසක් අනාරක්ෂිත ස්ථානවලින් ඉවත්කර ඇති අතර, ගොඩනැගිලි 13,000ක් පමණ තර්ජනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් අඟහරුවාදා (ඊයේ) පෙරවරු 10:30 පමණ ගින්න හටගත් අතර, පවතින දැඩි සුළං දහරාව හේතුවෙන් පැතිරී ගොස් ඇති බවයි ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගිනි නිවීමේ ප්‍රධානී ඇන්තනි මැරෝන් පැවසුවේ.

මේ අතර ලැව්ගින්නෙන් පිටවන දුමාරය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර, ලොස් ඇන්ජලීස් කලාපයේ වාතයේ ගුණාත්මක භාවය නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16