බෝ අත්ත කඩා වැටී මියගිය රැඳවූවන් ගණන ඉහළට (වීඩියෝ)

මාතර බන්ධනාගාරයේ රැඳවූවන් රඳවා සිටි සිර මැදිරියකට (01) රාත්‍රී කාලයේ දී බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවූවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (03) පෙරවරුවේ එම රැඳවූවා ද මියගිය බවයි මාතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මෙම අනතුර පෙරේදා රාත්‍රී 10.30ට පමණ සිදු වූ අතර ඉන් එක් රැඳවියෙකු ද ඊයේ මියගියා.

ඒ ඔහු ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පසුබිමකයි.

ඒ අනුව මෙම හදිසි අනතුරින් මියගිය සංඛ්‍යාව දෙදෙනකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් රැඳවූවන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර මේ වනවිටත් ඔවුන් මාතර මහ රෝහලේ පූර්ණ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා.

කෙසේවෙතත් බෝ ගසේ අත්ත කඩා වැටීම හේතුවෙන් සිර මැදිරි වාට්ටු දෙකකට හානි සිදුවීම හේතුවෙන් එම පරිශ්‍රයේ සිටි සෙසු රැඳවූවන් මේ වනවිට අඟුණුකොළපැලැස්ස එළිමහන් බන්ධනාගාරයට මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ මෙම සිදුවීමෙන් පසුව ඇතැම් රැඳවූවන් සිර මැදිරියෙන් සූක්ෂ්මව පැන යාමට උත්සාහ කළ බවටත් වාර්තා වනවා.

කෙසේවෙතත් මේ වනවිට බන්ධනාගාරයේ අවට පොලිස් විශේෂ කාර්‍යය බලකාය සහ පොලිසිය යොදවා දැඩි ආරක්ෂාවක් තර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට තුවාල ලැබූ 7 දෙනෙකු යළි බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර, තවත් තිදෙනෙකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01