බෝ අත්ත කඩා වැටී මියගිය රැඳවූවන් ගණන ඉහළට (වීඩියෝ)

මාතර බන්ධනාගාරයේ රැඳවූවන් රඳවා සිටි සිර මැදිරියකට (01) රාත්‍රී කාලයේ දී බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවූවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (03) පෙරවරුවේ එම රැඳවූවා ද මියගිය බවයි මාතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මෙම අනතුර පෙරේදා රාත්‍රී 10.30ට පමණ සිදු වූ අතර ඉන් එක් රැඳවියෙකු ද ඊයේ මියගියා.

ඒ ඔහු ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පසුබිමකයි.

ඒ අනුව මෙම හදිසි අනතුරින් මියගිය සංඛ්‍යාව දෙදෙනකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් රැඳවූවන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර මේ වනවිටත් ඔවුන් මාතර මහ රෝහලේ පූර්ණ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා.

කෙසේවෙතත් බෝ ගසේ අත්ත කඩා වැටීම හේතුවෙන් සිර මැදිරි වාට්ටු දෙකකට හානි සිදුවීම හේතුවෙන් එම පරිශ්‍රයේ සිටි සෙසු රැඳවූවන් මේ වනවිට අඟුණුකොළපැලැස්ස එළිමහන් බන්ධනාගාරයට මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ මෙම සිදුවීමෙන් පසුව ඇතැම් රැඳවූවන් සිර මැදිරියෙන් සූක්ෂ්මව පැන යාමට උත්සාහ කළ බවටත් වාර්තා වනවා.

කෙසේවෙතත් මේ වනවිට බන්ධනාගාරයේ අවට පොලිස් විශේෂ කාර්‍යය බලකාය සහ පොලිසිය යොදවා දැඩි ආරක්ෂාවක් තර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට තුවාල ලැබූ 7 දෙනෙකු යළි බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර, තවත් තිදෙනෙකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?