ජේජු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි

පසුගියදා ලොවම කම්පාවට පත් කරමින් දකුණු කොරියාවේ සිදු වූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් එම යානාවේ කළු දත්ත ගබඩා පෙට්ටියෙන් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය පැවසුවේ; අදාළ ගුවන් යානයේ ගුවන් නියමු කුටි රෙකෝඩරයෙන් මූලික දත්ත උපුටාගෙන අවසන් බවයි.

දකුණු කොරියාවේ ගුවන් තොටුපොළකට ගොඩබෑමකට හදිසි අවස්ථාවක් ඉල්ලා එම ගොඩබෑම සිදු කරන අවස්ථාවේ දී යානය පිපිරීමකට ලක් ව එහි ගමන් කළ දකුණු කොරියානු ජාතිකයින් ඇතුළු 179 දෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත් වුණා.

සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය Joo Jong-wan ප්‍රකාශ කළේ නියමු කුටියේ හඬ පටිගත කිරීමේ දත්ත අවසන් කර ඇති බවයි.

එම මූලික දත්ත මත පදනම් ව ඒවා ශ්‍රව්‍ය ආකෘතියට පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම යානයේ දෙවැනි කළු පෙට්ටිය හානි වීම හේතුවෙන් එහි අඩංගු තොරතුරු දේශීය විමර්ශකයින්ට සොයා ගැනීමට නොහැකි වූ බවත් එබැවින් එය වැඩිදුර විශ්ලේෂණය සඳහා එක්සත් ජනපදයට යැවූ බවත් වාර්තා වනවා.

2216 ගුවන් යානය දෙසැම්බර් 29 වැනි දින සෝල් නගරයට නිරිත දෙසින් 290km (සැතපුම් 180) පමණ දුරින් Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී කඩා වැටුණු අතර, යානයේ සිටි පුද්ගලයන් 181 න් 179 දෙනෙක් මියගියා.

මෙම අනතුර දකුණු කොරියානු භූමියේ මෙතෙක් සිදු වූ දරුණුතම ගුවන් ව්‍යසනය වන අතර 1997 දී කොරියානු එයාර් බෝයිං 747 ගුවාම් කඳු බෑවුමකට කඩා වැටී පුද්ගලයින් 228 දෙනෙකු මියගිය පසු දකුණු කොරියානු ගුවන් සේවයක් සම්බන්ධ මාරාන්තික අනතුර ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32