පුටින් අසර්බයිජානයෙන් සමාව අයදියි

38 දෙනෙකුට මරු කැඳවමින් රුසියානු ගුවන් සීමාවේ දී අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කඩා වැටීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් සමාව ඉල්ලා සිටිනවා.

අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් ව්ලැදිමිර් පූටින් මෙලෙස සමාව අයැද ඇති බවයි වර්ත්ය වන්නේ.

පසුගිය 25 වනදා මෙම දරුණු අනතුර සිදු වූ අතර, රුසියානු හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයක් මෙම යානය අනතුරට ලක්වීමට හේතු වී ඇති බවයි විමර්ශනවලින් අනාවරණය වුණේ.

කෙසේ වෙතත් සමාව අයැදමින් පුටින් පැවසුවේ රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති යුක්‍රේන ඩ්‍රෝන යානා පලවා හරින අවස්ථාවක මෙම ඛේදනීය අනතුර සිදු වූ බවයි.

රුසියානු හමුදාව විසින් ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එය යුක්‍රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව ඔහු පවසා තිබෙනවා.

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය කසකස්තානයේ අක්ටාවු අසලට කඩා වැටීමෙන් යානයේ සිටි 67 දෙනාගෙන් 38 දෙනෙක් මිය ගිය අතර, එය කඩා වැටීමට හේතුව රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව අමෙරිකානු බුද්ධි අංශ විසින් එය පළමුවරට හෙළි කළා.

J2-8243 ගුවන් යානය දෙසැම්බර් 25 වන දින අසර්බයිජානයේ බකු අගනුවර සිට චෙචන් අගනුවරවන ග්‍රොස්නි දක්වා ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව අනතුරට පත් වූ අතර, අනතුරින් දිවි ගලවා ගත් බොහෝ දෙනා යානයේ පිටුපස අසුන්ගෙන සිටි බව විශ්වාස කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56