Empty Ad
AFC Banner
AFC Banner

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනෙකු මියයාමේ සිදුවීමට එරෙහිව අධිකරණයෙන් රිට් ආඥාවක් අයදියි

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්ප කුමාර නමැති සිරකරුගේ බිරිඳ වන එම්. ජී. ලසන්ති නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැලිසර මහෙස්ත්‍රාත්වරයාව නම්කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පෙත්සම්කාරිය සිය පෙත්සම තුළින් කියා සිටින්නේ 2020 නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 11 දෙනකු මරණයට පත් වූ බවයි.

ඒ පිළිබඳ ව පැවති මරණ පරීක්ෂණය අවසානයේ දී මෙම මරණ “අපරාධයක්” බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් ඉකුත් අගෝස්තු මස 30 වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම නඩු කටයුතු අවසන්කර ගොනු වසාදමන ලෙස දැනුම් දී තිබෙන බවත් පෙත්සම්කාරිය කියා සිටියා.

මහර බන්ධනාගාරය තුළ ඇති වූ සිරකරු ගැටුම් පාලනය කරගැනීම සඳහා අවම බලයක් ක්‍රියාවේ යෙදවූ බව බන්ධනාගාර බලධාරීන් සඳහන් කළත් මියගිය පුද්ගලයින්ට වෙඩිවැදී සිදු වී තිබෙන තුවාල දෙස බැලීමේ දී එම නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා මානුෂික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවක් පෙනී නොයන බව මහෙස්ත්‍රාත්වරයා සිය පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුවේ සඳහන් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වන වගන්තිය යටතේ නඩුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය පැවරී ඇත්තේ ඊට අදාළ ලඝු නොවන නඩු විභාගය අවසන්වීමෙන් පසුව වුවත් මෙම සිද්ධියේ දී ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ වීමටත් පෙර නීතිපතිවරයා විසින් නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කිරීම නීතියට පටහැනි බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ අනුව මහර බන්ධනාගාර ගැටුම්වලින් මරණයට පත් වූ රැඳවියන්ගේ නඩු කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතියේ ආධිපත්‍ය සුරැකීම පිළිබඳව නීතිපතිවරයාට පැවරී තිබෙන වගකීම පැහැර හැරීමක් බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මහර බන්ධනාගාර රැඳවියන්ගේ මරණවලට අදාළ නඩු කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව එම විමර්ශන කටයුතු යළි ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට බලකිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් විශේෂ රථවාහන සෝදිසි මෙහෙයුමක්
01:40
Video thumbnail
බන්ධානාගාරයේ සිටි විදේශ කාන්තාව සහ පොඩි දියණියට නිදහස්
01:06
Video thumbnail
නත්තලට ගෙදර යන්න ලැබුණවැලිකඩ බන්ධනාගාර රැදවියන්
02:09
Video thumbnail
මම කුඩා කාලේ ඉඳලා ප්‍රියා අයියාගේ ලොකු රසිකයෙක්
02:55
Video thumbnail
කැකිරාව උණුසුම් වෙයි - කඩේට ආපු පාරිභෝගිකයාටත් ගහපු හෝටල් කළමනාකාරු - මෙහෙමත් රටක්
01:28
Video thumbnail
සුනිල් එදිරිසිංහ ප්‍රියාට අවසන් ගෞරවය දක්වයි
02:19
Video thumbnail
නාමල් කුමාර පරිසරවේදීන්ගේ රෙදි ගලවයි
01:45
Video thumbnail
ජෙරම්ට වැඩ වරදී - මල්වතු මහනායක හිමිගෙන් දැඩි තීන්දුවක් - ජනාධිපතිගෙත් අවධානය පිණිසයි
16:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් 35 දෙනෙකුට ජනාධිපති සමාව
01:19
Video thumbnail
කාදිනල් රෑට රෑට කොල්ලෝ ගෙනල්ලා කැත වැඩ කරනවා..?
05:54

?