මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනෙකු මියයාමේ සිදුවීමට එරෙහිව අධිකරණයෙන් රිට් ආඥාවක් අයදියි

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්ප කුමාර නමැති සිරකරුගේ බිරිඳ වන එම්. ජී. ලසන්ති නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැලිසර මහෙස්ත්‍රාත්වරයාව නම්කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පෙත්සම්කාරිය සිය පෙත්සම තුළින් කියා සිටින්නේ 2020 නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 11 දෙනකු මරණයට පත් වූ බවයි.

ඒ පිළිබඳ ව පැවති මරණ පරීක්ෂණය අවසානයේ දී මෙම මරණ “අපරාධයක්” බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් ඉකුත් අගෝස්තු මස 30 වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම නඩු කටයුතු අවසන්කර ගොනු වසාදමන ලෙස දැනුම් දී තිබෙන බවත් පෙත්සම්කාරිය කියා සිටියා.

මහර බන්ධනාගාරය තුළ ඇති වූ සිරකරු ගැටුම් පාලනය කරගැනීම සඳහා අවම බලයක් ක්‍රියාවේ යෙදවූ බව බන්ධනාගාර බලධාරීන් සඳහන් කළත් මියගිය පුද්ගලයින්ට වෙඩිවැදී සිදු වී තිබෙන තුවාල දෙස බැලීමේ දී එම නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා මානුෂික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවක් පෙනී නොයන බව මහෙස්ත්‍රාත්වරයා සිය පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුවේ සඳහන් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වන වගන්තිය යටතේ නඩුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය පැවරී ඇත්තේ ඊට අදාළ ලඝු නොවන නඩු විභාගය අවසන්වීමෙන් පසුව වුවත් මෙම සිද්ධියේ දී ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ වීමටත් පෙර නීතිපතිවරයා විසින් නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කිරීම නීතියට පටහැනි බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ අනුව මහර බන්ධනාගාර ගැටුම්වලින් මරණයට පත් වූ රැඳවියන්ගේ නඩු කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතියේ ආධිපත්‍ය සුරැකීම පිළිබඳව නීතිපතිවරයාට පැවරී තිබෙන වගකීම පැහැර හැරීමක් බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මහර බන්ධනාගාර රැඳවියන්ගේ මරණවලට අදාළ නඩු කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව එම විමර්ශන කටයුතු යළි ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට බලකිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29
Video thumbnail
ජනපතිගේ කතාව මැද සිදුවූ දේ..රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
03:10
Video thumbnail
අල්ලස් කොමිසමට ආ දයාසිරි අනතුරු අඟවයි
11:51
Video thumbnail
ජනාධිපතිතුමා රණවිරුවන්ව සමරන්න එයි
01:43
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23