AFC Banner
AFC Banner
Empty Ad

දරුවන් නිල්පාට වන අමුතු රෝගයක් – පළමුවරට ලංකාවෙන් හඳුනා ගනියි (වීඩියෝ)

උපදින දරුවන් මුළුමනින් ම නිල් පැහැ ගැන්වෙන රෝගයක් ශ්‍රී ලංකාවෙන් පළමු වරට වාර්තා වී තිබෙනවා.

වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගය හඳුන්වා ඇත්තේ ”Congenital Methemoglobinemia” (කන්ජෙනිටල් මෙතෙමොග්ලොබිනේමියා යනුවෙන්.

මෙම රෝගය ජාන රෝගයක් මත මතු වන බවත්; එම තත්ත්වයෙන් පෙළෙන දරුවෙකු අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වන බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

Congenital Methemoglobinemia රෝගය වැළඳුණු දරුවෙකුගේ රෝග ලක්ෂණ ලෙස; මුළු ශරීරය ම නිල් පැහැ ගැන්වීම, හුස්ම ගැනීමට නොහැකි වීම, මස්තිෂ්ක වර්ධනය සම්පූර්ණයෙන් ම අඩපණ වීම වනවා.

අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්. යු. සී රණවක මහතා පැවසුවේ; මෙම රෝගය වැළඳුණු බිළිඳා මේ වනවිට (24) නොමේරු ළඳරු ඒකකයට ඇතුළත් කර ඇති බවයි.

මෙම රෝගය පරීක්ෂා කිරීමේ පහසුකම් මෙරට තුළ නොමැති වීම හේතුවෙන් දරුවාගේ රුධිර සාම්පල කොටස් ජර්මනිය වෙත යවා රෝගය තහවුරු කරගත් බවත් අනුරාධපුර රෝහල පවසනවා.

කෙසේවෙතත් රුධිර පරීක්ෂණ කටයුතු මෙරට තුළ නොමැති වුව ද, දරුවාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබීම මත දරුවාගේ ජීවිතය බේරාගැනීමට අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ වෛද්‍යවරුන්ට හැකි වී තිබෙනවා.

මෙම රෝගය සාමාන්‍යයෙන් ඇති වන්නේ; ඥාති විවාහයකින් බවත්; එය ජාන විකෘතිතා මත ඇති වන බවටත් වාර්තා වනවා.

නමුත් මොවුන් දෙදෙනා කිසිදු ලෙසකින් ඥාති විවාහයක් නොවන බවටත් හෙළි ව ඇති බවයි අනුරාධපුර රෝහල් වෛද්‍යවරු පවසන්නේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ද වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදු වන බවත් මෙම රෝගය ලංකාවේ පළමු වරට හඳුනාගෙන ඇති බවත් ලෝකය තුළ දරුවන්ගෙන් ලක්ෂයෙන් එක් අයෙකුට මෙම රෝගය වැළඳෙන බවත් වෛද්‍යවරු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
IMF එක මැදිහත්වෙලා - මේ අයවැය හදන්නේ
03:50
Video thumbnail
ආණ්ඩුව වෙනස් වුණා කියලා අපිට සිතූ පැතු සම්පත් පහළ වෙන්නේ නෑ
07:03
Video thumbnail
BREAKING NEWS🔴බස් රථ දෙකක් එකිනෙක ගැටී - දරුණු අනතුරක් - 16ක් රෝහලට
07:36
Video thumbnail
හිල් වෙච්ච යට ඇඳුම් ඇඳගෙන බලයට ආපු මාලිමා ආණ්ඩුවට පොහොට්ටුවෙන් සැර පිළිතුරු
04:06
Video thumbnail
මේ අවුරුද්ද අවසානයෙත් - හාල් අර්බුධයක් එන්න පුළුවන්
15:47
Video thumbnail
රෑ 10 වෙද්දී පොලිසියෙන් ෂෝ නවත්තනවා - ගායකයෝ - නිවේදකයෝ - සංවිධායකයෝ මාධ්‍ය කැඳවයි
28:42
Video thumbnail
පොලී අනුපාතය මේ මට්ටමේම පවත්වාගෙන යනවා - නන්දලාල් වීරසීංහ
04:26
Video thumbnail
දෙනෝ දාහක් බලං ඉද්දී කාන්තාවක් උපන් ඇඳුමට බස්සවයි - මාධ්‍ය හමුවේ සියල්ල හෙළිවෙයි
17:45
Video thumbnail
අඩු මුදලෙන් චාමෙට කරන්න යන නිදහස් උත්සවය
01:21
Video thumbnail
රටම කැලඹූ ඇස් උඩයන හොරකම මාට්ටු - රත්තරන් පවුම් 41ක් - ලක්ෂ 57ක මුදල් - අම්මෝ
01:09

?