දරුවන් නිල්පාට වන අමුතු රෝගයක් – පළමුවරට ලංකාවෙන් හඳුනා ගනියි (වීඩියෝ)

උපදින දරුවන් මුළුමනින් ම නිල් පැහැ ගැන්වෙන රෝගයක් ශ්‍රී ලංකාවෙන් පළමු වරට වාර්තා වී තිබෙනවා.

වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගය හඳුන්වා ඇත්තේ ”Congenital Methemoglobinemia” (කන්ජෙනිටල් මෙතෙමොග්ලොබිනේමියා යනුවෙන්.

මෙම රෝගය ජාන රෝගයක් මත මතු වන බවත්; එම තත්ත්වයෙන් පෙළෙන දරුවෙකු අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වන බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

Congenital Methemoglobinemia රෝගය වැළඳුණු දරුවෙකුගේ රෝග ලක්ෂණ ලෙස; මුළු ශරීරය ම නිල් පැහැ ගැන්වීම, හුස්ම ගැනීමට නොහැකි වීම, මස්තිෂ්ක වර්ධනය සම්පූර්ණයෙන් ම අඩපණ වීම වනවා.

අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්. යු. සී රණවක මහතා පැවසුවේ; මෙම රෝගය වැළඳුණු බිළිඳා මේ වනවිට (24) නොමේරු ළඳරු ඒකකයට ඇතුළත් කර ඇති බවයි.

මෙම රෝගය පරීක්ෂා කිරීමේ පහසුකම් මෙරට තුළ නොමැති වීම හේතුවෙන් දරුවාගේ රුධිර සාම්පල කොටස් ජර්මනිය වෙත යවා රෝගය තහවුරු කරගත් බවත් අනුරාධපුර රෝහල පවසනවා.

කෙසේවෙතත් රුධිර පරීක්ෂණ කටයුතු මෙරට තුළ නොමැති වුව ද, දරුවාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබීම මත දරුවාගේ ජීවිතය බේරාගැනීමට අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ වෛද්‍යවරුන්ට හැකි වී තිබෙනවා.

මෙම රෝගය සාමාන්‍යයෙන් ඇති වන්නේ; ඥාති විවාහයකින් බවත්; එය ජාන විකෘතිතා මත ඇති වන බවටත් වාර්තා වනවා.

නමුත් මොවුන් දෙදෙනා කිසිදු ලෙසකින් ඥාති විවාහයක් නොවන බවටත් හෙළි ව ඇති බවයි අනුරාධපුර රෝහල් වෛද්‍යවරු පවසන්නේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ද වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදු වන බවත් මෙම රෝගය ලංකාවේ පළමු වරට හඳුනාගෙන ඇති බවත් ලෝකය තුළ දරුවන්ගෙන් ලක්ෂයෙන් එක් අයෙකුට මෙම රෝගය වැළඳෙන බවත් වෛද්‍යවරු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14