සිරිපා සමය ඇරඹෙන උඳුවප් පොහොය අදයි

වසරේ අවසාන පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මෙම උඳුවප් පොහෝ දිනය ලොව පුරා බෞද්ධයන් මහත් ශ්‍රද්ධාවෙන් සමරණ ඉතා වැදගත් පොහෝ දිනයක්.

දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමන්ගෙන් කළ ඉල්ලීමට සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන දඹකොළපටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි උඳුවප් පොහෝ දිනකයි.

එමෙන්ම මෙරට භික්ෂුණී ශාසනය පිහිටුවීම සිදුවුවේ ද උඳුවප් පොහෝ දිනයක බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

මේ අතර බුදුරජාණන් වහන්සේ පා පහස ලත් උතුම් සිරිපා වන්දනාව ද ආරම්භ වන්නේ අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයේ දී වීම විශේෂත්වයක්.

අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයට සමගාමීව දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51