සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම්කෙරේ

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 සඳහා යැවූ හිටපු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ නාමයන් ගැන දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ සහ මොහොමඩ් ඉස්මයිල් මුතු මොහොමඩ් යන අයගේ නම් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කළ නම් අතර වන බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් සමගි ජන බලවේගය පක්ෂයට හිමි වූ මන්ත්‍රී ආසන 05න් පළමු එක එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට හිමිවුණා.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30