ෂීක් හසීනාගේ රජය පෙරලෙද්දී සැකකරුවන් 700කට වැඩි ගණනක් පැන ගිහිං

බංග්ලාදේශයේ දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක චරිතයක් මැවූ හිටපු අගමැතිනි ෂීක් හසීනා ඇතුළු බලාධිකාරී රජය පෙරලීමේ දී සිරකඳවුරුවලින් පැන ගිය සිරකරුවන් 700ක් තවමත් නිදැල්ලේ පසුවන බව එරට ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් මාධ්‍ය පවසා තිබෙනවා.

අගෝස්තු මස 05 වැනිදා හසීනාගේ රජයට එරෙහිව විරෝධතා සමග එරට අග්‍රාමාත්‍ය කාර්‍යාලය විරෝධතාකරුවන්ගේ යටතට ගැනීමේ සිදුවීම් සමග සිරකරුවන් 700කට අධික ප්‍රමාණයක් ඇති වූ කෝලාහලවලින් සිරකඳවුරුවලින් පැන ගොස් ඇති බවත් මෙතෙක් නිල වශයෙන් ඔවුන් හඳුනාගෙන නොමැති බවත් වාර්තා වනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් සයිඩ් මොහොමඩ් මොටාහර් හොසේන් පැවසුවේ, ගණන් නොගත් සිරකරුවන්ගෙන් 70 දෙනෙකු ‘අධි අවදානම්’ ලෙස වර්ග කර ඇති බවයි.

සිද්ධියෙන් පසු සිරකරුවන් 174 දෙනෙකු ඇප මත හෝ වෙනත් ආකාරයකින් නිදහස් කර ඇති අතර ඔවුන් අතර ඉහළ පෙළේ අපරාධකරුවන් 11 දෙනෙකු සිටින බවත් හෙළි ව තිබෙනවා.

“නිදහස් කිරීමේ කාරණය සම්පූර්ණයෙන්ම අධිකරණයේ බලය යටතේ පවතී,” යනුවෙන් බන්ධනාගාර ප්‍රධානීවරයා සඳහන් කළා.

කැරැල්ල අතරතුර පැන ගිය සිරකරුවන් රඳවා තබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

ආගමික නායකයෙකු වන චින්මෝයි ක්‍රිෂ්ණා දාස් පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසු බංග්ලාදේශය යළිත් වරක් කැලඹීමක් අත්විඳිමින් සිටින අවස්ථාවක‍යි ඔහු මෙම ප්‍රකාශය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51