ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩමුළුවක් කොළඹ දී

ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන්, විද්වතුන් සහ පාර්ශ්වකරුවන් එක්කර ගනිමින් “ප්‍රතිසංස්කරණ සඳහා මාවතක්: ​​ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති පිළිබඳ විමර්ශනය කිරීම” යන මැයෙන් කාලීන වැඩමුළුවක් පැවැත්වුණා.

මෙම විශේෂ වැඩමුළුව පසුගියදා (28) පැවැත්වුණේ; කොළඹ මැන්ඩරිනා හෝටල් පරිශ්‍රයේ දියි.

මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, වෛරී ප්‍රකාශ සමාජයෙන් තුරන් කිරීම පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ අර්ථවත් සංවාදයක් සහ සහයෝගීතාවක් ඇති කිරීම අරමුණු කරගනිමින් පැවැත්වුණා.

වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, UNESCO හි නව දිල්ලි කාර්යාලයේ සන්නිවේදන සහ තොරතුරු පිළිබඳ උපදේශක, හෙසෙකියල් ඩ්ලමිනි (Hezekiel Dlamini) එක් වූ අතර ඔහු විසින් ප්‍රධාන දේශනය ද සිදු කරනු ලැබුවා.

මෙම වැඩමුළුවට ඉදිරිපත් කළ යෝජිත වෛරී කථන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ලේඛනය පිළිබඳ පුළුල් සමාලෝචනයක් ලබා දුන් බවයි වාර්තා වන්නේ.

ඵලදායී මාධ්‍ය ප්‍රතිපත්ති මුලපිරීම් හරහා වෛරී කථනයට එරෙහිව යුනෙස්කෝවේ ප්‍රයත්න ඉස්මතු කරමින් ගෝලීය අත්දැකීම් මෙහිදී බෙදාහදා ගැනුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය තුසිත අබේසේකර විසින් සංසන්දනාත්මක වෛරී ප්‍රකාශන නීති සම්පාදනය පිළිබඳ විග්‍රහයක් ද මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම විශේෂ වැඩමුළුව මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත් මහතා විසින් මෙහෙයවන ලද සංවාද මණ්ඩපයක් ද සමගින් වැඩමුළුව තවත් සම්පූර්ණ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43