කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ‘ ජනමාධ්‍ය පීඨය’ (Faculty Of Mass Media) ලෙස ගැසට් කර තිබෙනවා.
පසුගිය නොවැම්බර් මස 29 වැනි දින මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය අග්‍රාමාත්‍ය මෙන් ම අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසිනුයි සිය බලාධිකාරිය මත සිදු කර ඇත්තේ.
මෙතෙක් ශ්‍රී පාලි මණ්ඩපය ජනමාධ්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුවක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පැවැතුණා.
මින් ඉදිරියට ශ්‍රී පාලි මණ්ඩපය සැලකෙන්නේ මෙරට ඇති ජනමාධ්‍ය අධ්‍යයන පීඨය ලෙසටයි.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 22 වැනි වගන්තිය සමග කියවිය යුතු 27 (1) වන වගන්තිය ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ජනමාධ්‍ය පීඨය යටතේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය, භාෂා අධ්‍යයන අංශය, පරිගණක අධ්‍යයන අංශය මෙන් ම ප්‍රාසාංගික කලා අධ්‍යයන අංශය ද මින් ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති.