AFC Banner
Empty Ad
Empty Ad

කැරපොත්තන් විකුණා ජීවිතය ජය ගත් මිනිසෙක්

ටැන්සානියාවේ පුද්ගලයෙකු කැරපොත්තන් විකුණා සිය ජීවිතය සාර්ථක කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඩැනියෙල් රුවෙහුරා නම් මෙම අපුරු පුද්ගලයා විසින් ටැන්සියානියාවේ කැරපොත්තන් වගා කිරීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරනු ලබන අතර ඔහුට එරට විශ්ව විද්‍යාලය, රජය ඇතුළු රාජ්‍ය ආයතනවලින් පවා මේ සඳහා උදව් ලැබෙමින් තිබේ.

ඩැනියෙල් පවසන අන්දමට ටැන්සානියාවේ කැරපොත්තන් සඳහා කිසිදු ආකාරයක වටිනාකමක් නැති වූවත් යුරෝපීය රටවල සහ ඇමෙරිකාවෙන් කැරපොත්තන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි.

කැරපොත්තන් තුළ ප්‍රෝටීන් බහුලව ඇති බවට හඳුනාගෙන ඇති අතර මේ හේතුවෙන් මහා පරිමාණ කුකුළ් ගොවිපොළ පවත්වාගෙන යන්නන් අතර සහ මත්ස්‍ය ගොවිපොළ හිමිකරුවන් විසින් මෙම කැරපොත්තන් මිලදී ගන්නා බව ඩැනියෙල් සඳහන් කරයි.

ඩැනියෙල් විසින් මෙම කැරපොත්තන් කිලෝ එකක් යුරෝ 5ක් වැනි මුදලකට අලෙවි කරන බව සඳහන් වෙයි.

කැරපොත්තන් ගොවිපොළ පවත්වාගෙන යෑම අනිකුත් ගොවිපොළ නඩත්තු කරනවාට වඩා පහසු බවත්, වැඩි වියදමක් නොයන බවත් ඩැනියෙල් සඳහන් කරයි.

ඩැනියෙල් පවසා සිටිනේ ටැන්සානියාවේ තරුණයන් ද රැකියා විරහිතව සිටින අවස්ථාවක මෙවන් ව්‍යාපාරයක් ආරම්භ කළහොත් ඔවුන්ට ජීවිතය ජයගත හැකි බවයි.

ඩැනියෙල් රුවෙහුරා සහ ඔහුගේ කැරපොත්තන්ගේ ඡායාරූපයක් පහතින්,

Capture 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?