Empty Ad
AFC Banner

රත්වත්තේ පවුල ලබන 06 තෙක් යළිත් සිපිරිගෙට

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය යළිත් වරක් ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිය දෙසැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයා ගැනුණා.

ඒ අනුව මිරිහාන පොලිසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

එම මෝටර් රථය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොටදී, මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

එවන් පසුබිමක රත්වත්තේ මහතාගේ බිරිය වන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මියද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගත් අතර, අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත්භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ මහත්මිය නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අනතුරුව නොවැම්බර් 07 වැනිදා සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ, සැකකරුවන් යළි නොවැම්බර් 18 දක්වා බන්ධනාගාර ගත කරන ලෙසයි .

නොවැම්බර් 18 වැනිදා නියෝග කළේ යළි දෙසැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

ඒ අනුව සැකකරුවන් අද(02) පෙරවරුවේ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරුවන් වෙනුවෙන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කරුණු දැක්වූ නීතීඥවරුන් කියා සිටියේ සිය සේවාදායකයින්ට එරෙහිව ගොනුකර ඇත්තේ මෝටර් රථ වානහ පනතේ වැරදි පමණක් වන බැවින් එම චෝදනාවලට ඇප ලබාදිය හැකි බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසයි.

කෙසේ වෙතත් සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නුගේගොඩ මහෙස්ත්‍රාත්වරිය සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ සැකකාර ශෂි ප්‍රභා රත්වත්තේ දෙසැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කළා.

ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහුගේ බිරිඳ නොවැම්බර් 04 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

එමෙන්ම තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ලොහාන් රත්වත්තේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ද දෙසැම්බර් 09 වැනිදා කැඳවීමට නියමිත ව තිබෙනවා.

බන්ධනාගාර ගතව සිටි ලොහාන් රත්වත්තේ මහතා හදිසියේ අසනීප වී කොළඹ ජාතික රෝහලට බන්ධනාගාර රැකවරණය යටතේ මාරු කළ අතර ඔහුට වැළඳී ඇති රෝගය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන දෙසැම්බර් 09 වැනිදාට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

එම වාර්තාව ද ලබන දෙසැම්බර් 09 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?