ශිෂ්‍යත්වය ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිට වූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනුඅ ලැබුවා.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද (02) යළි කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.

එමෙන්ම මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනුකර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සසිටියා.

පසුගිය නොවැම්බර් 18 වැනිදා අවසන් වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවනු ලැබුවා.

පසුගිය සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් 27 දෙනකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පසුගිය ඔක්තෝබර් 14 වනදා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවයි.

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් හට ගෙන තිබූ අතර, ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ උපදෙස් මත මතභේදයට තුඩු දී ඇති මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තා.

නමුත් ඉන් සැහීමකට පත් නොවු සිසුන් හා දෙමාපියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරමින් ඉල්ලා සිටියේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පසුගිය සැප්තැම්බර් 15 වවනදාපවත්වනු ලැබූ ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබූ ප්‍රශ්න තුනක් පමණක් පිටව ඇති බවට බලධාරීන් ප්‍රකාශ කළත් ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් පිටව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව එම⁣ පෙත්සම මගින් පෙන්වා දෙනවා.

එමෙන්ම එම ප්‍රශ්න තුනට සියලුම දරුවන්ට එක සාමාන ලකුණු ලබා දීමත් නැවත විභාගය පවත්වන ලෙස කළ ඉල්ලිම නොසලකා හැරිමත් යුක්ති සහගත නොවන බව ද එම පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය මගින් ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමති හරිනි අමරසුරිය, විභාග කොමසාරිස් ජනරාල්වරයා ,නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල්වරයා ,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති වරයා, වැඩ බලන පොලිස්පතිවරයා, කැබිනට් අමාත්‍ය විජිත හේරත්, නීතිපතිවරයා සහ එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඇතුළු පාර්ශ්ව 15ක් නම් කර තිබෙනවා.

එම පෙත්සම විභාගය අවසර ලබා දී ප්‍රශ්න පත්‍රය අධිකරණයට ගෙනැවිත් පෙත්සම් විභාගය පවත්වා පෙත්සම්කරුවන්ට රුපියල් මිලියන 10ක වන්දි හා නඩු ගාස්තු ගෙවිමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස පෙත්සම් මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වනදා පැවැත්වීමට නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
6
+1
4
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:11