ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ කතානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ පාර්ලිමේන්තුවේදී කතානායක ආචාර්ය අසෝක රන්වල අතර හමුවක් පසුගිය දා සිදු වුණා.

මෙම හමුවේදී අභිනව කතානායකවරයා වෙත සුබ පැතුම් එක්කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන සබඳතාවය පිළිබඳව සිහිපත් කළා.

එමෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා හුවමාරු වැඩසටහන් කිරීමටත් බලාපොරොත්තු වන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මෙහිදී අදහස් දැක් වූ කතානායකවරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට පියවර ගන්නා බවත් සඳහන් කළා.

දෙපාර්ශවය අතර පැවති මෙම සුහද සාකච්ඡාවේ දී, ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳව සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම ආදී දෙරටට වැදගත්වන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33