Empty Ad
Empty Ad
 Empty Ad

හිටපු ජනපති මෛත්‍රීපාල ඝාතනය කිරීමට තැත් කළ බෝම්බකරුවන් ඉල්ලූ ඇප ප්‍රතික්ෂේපයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරිමට තැත් කළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරිය වන ශන්මුගරසා ගජමාලිනි නමැත්තියට සහ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන වෙල්ලරසා කිරුබාකරන් නමැත්තාට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එවකට මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදි මෙලෙස ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධි චෝදනා 17ක් යටතේ ⁣විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

දැනට වසර 15 අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග බණ්ඩාර සහ නීතිඥ අසිත විපුලනායක මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළා.

එම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඇප ලබා දීමට හැකියක් නැති බව පෙන්වාදෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා ඇප ඉල්ලීමට එරෙහි වුණා.

විත්තිකරුවන් සම්බන්ධයෙන් සාක්ෂි විභාගය කඩිනමින් අවසන් කරන බව සඳහන් කළ විනිසුරුවරයා ලබන වසරේ අප්‍රේල් 28,29, සහ 30 යන තෙදින තුළ සාක්ෂි විභාගය අවසන් කරන බවයි දැනුම් දුන්නේ.

එම මරාගෙන මැරෙන බොම්බෙ ප්‍රහාරයේ දී පී.විජේරත්න හා දොන් ගුණපාර විරසිංහ යන අයගේ මරණය සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම, තවත් පුද්ගලයන් පස් දෙනකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?