ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාස සංකීර්ණයක කතක් ඝාතනය කරලා – තරුණයෙක්ට බරපතළ තුවාල

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ දී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට අද (05) අලුයම් කාලයේ ඇතුළත් කර තිබෙනවා.

එහිදී තුවාලකාරිය වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 60ක තැනැත්තියක් වන අතර, තුවාල ලබා ඇති පිරිමි පුද්ගලයා වයස අවුරුදු 26ක තැනැත්තෙක්.

මියගිය කාන්තාවගේ සැමියා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇයගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම ආරවුලට මැදි වූ අනෙක් පුද්ගලයාට ද මියගිය කාන්තාවගේ සැමියා තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14