ට්‍රම්ප්ගේ නව තීරුබදු ගැන රජය පත් කළ විශේෂ කමිටුව හා ජනපති අතර සාකච්ඡාවක් (ඡායාරූප)

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මේ වන විට (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම තීරු බදු පැනවීම හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරෙන බවයි.

එමෙන්ම මේ හමුවේ ලබාගත හැකි සහන පිළිබඳ ශ්‍රී ලංකා රජය හැකි ඉක්මනින් එක්සත් ජනපද රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

කමිටුව නියෝජනය කරන ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලනෙත්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා,
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර්, මාස් හෝල්ඩිංග් සම නිර්මාතෘ ෂෙරාඩ් අමලීන්, හෙලිස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ආනන්ද කල්දේරා යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටිනවා.

එමෙන්ම මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද සහභාගි වී සිටින බවත් වාර්තා වනවා.

WhatsApp Image 2025 04 05 at 15.20.37 1
WhatsApp Image 2025 04 05 at 15.20.37
WhatsApp Image 2025 04 05 at 15.20.35 1
WhatsApp Image 2025 04 05 at 15.20.35
WhatsApp Image 2025 04 05 at 15.20.34 1
WhatsApp Image 2025 04 05 at 15.20.34


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57