වික්ටෝරියා ඇතුළු මහ වාරි කලාප වාන් දැමීම අරඹයි – ඉදිරි පැය 06 තීරණාත්මකයි (වීඩියෝ හා ඡායාරූප)

දිවයිනට ම බලපා ඇති බෙංගාල බොක්ක ප්‍රදේශයේ අවපීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව මත මේ වනවිට (27) වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු සියල්ල ම විවෘත කර තිබෙනවා.

ඒ අනුව අද පස්වරුවේ ජලාශය භාර ඉංජිනේරුවරුන් විසින් ජලාශයේ වාන් දොරටු 08 ම විවෘත කිරීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

මහවැලි සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; වික්ටෝරියා ජලාශයට අමතරව බෝවතැන්න, දඹුළු ඔය, කලාවැව, රන්ටැඹේ, ලොග්ගල් ඔය ජලාශ මේ වනවිටත් වාන් දැමීම ආරම්භ කර ඇති බවයි.

මහවැලි ගඟේ ඉහළ ජල පෝෂිත ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාපතනය අනුව කොත්මලේ ද වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතියහොත් රන්දෙණිගල ජලාශය වාන් දැමීම සිදු වන බවත් රන්ටැඹේ හා මිණිපේ අමුණ හරහා මහවැලියට මුදා හරින ජල ප්‍රවාහය වැඩි වන බැවින් ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසට ද මහවැලි සංවර්ධන අධිකාරියේ ජලාශ භාර පර්‍යේෂණ මෙහෙයුම් අධ්‍යක්ෂ ඩී. එම්. ධර්මදාස මහතා දැනුම්දෙන්නේ.

එමෙන්ම නුවරඑළිය නගර සීමාවට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ජලාශයට ජලය ගලා බසින තලගලඔය පිටාර ගැලීම ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන වික්ටොරියා උද්‍යානය, ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ ඒකකය ද අද දහවල් වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ඇති අයුරුයි දක්නට ලැබුණේ.

මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය සම්බන්ධයෙන් ද අද පස්වරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අද දහවල් 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ දුරින් නැගෙනහිර දෙසට බරව අදාළ අවපීඩන වර්ධනය ස්ථානගත වී තිබූ බවයි.

එබැවින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරන තද සුළං ප්‍රවාහය අද දිනයේ ඉදිරි පැය 06 තුළ සුළු කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර විය හැකි බවත් සඳහන් වනවා.

WhatsApp Image 2024 11 27 at 18.47.21
4 2 scaled
3 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?