සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (27) දිනයේ දී දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ හේතුවෙන් මීට ටික වේලාවකට පෙර තරගය නතර කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.
දකුණු අප්රිකාවේ ඩර්බන් නුවර දී දෙරට අතර පළමු ටෙස්ට් තරගය අද එරට වේලාවෙන් උදෑසන 10ට ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය ශ්රී ලංකාවට හිමි වූ අතර නායක ධනංජය ද සිල්වාගේ ඇරයුමින් දකුණු අප්රිකානු කණ්ඩායම පළමු ව පිතිකරණයට පිටියට පිවිසියා.
නමුත් ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්රී ලංකා වේග පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.
ලකුණු 15ක් වනවිට දකුණු අප්රිකානු කණ්ඩායමේ පළමු කඩුලු 02ක බිඳ දමන්නට අසිත ප්රනාන්දු සහ විශ්ව ප්රනාන්දුට හැකි වුණා.
තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට දකුණු අප්රිකාව කඩුලු 04ක් දැවී සිය පළමු ඉනිමට ලකුණු 80ක් ලබා සිටියා.
සෙසු කඩුලු ද්විත්වයම බිඳ හෙලුවේ ළහිරු කුමාර විසින්.
පස්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ ලකුණු 28ක් ලබා ගනිමින් නායක බවුමා සහ Kyle Verreynne (9*).