පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය ගැන පාකිස්ථානය ජාත්‍යන්තර විමර්ශනයකට කැමැත්තෙන්

ජම්මු කාෂ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස පාකිස්ථාන රජය සහ බුද්ධි අංශ සිටින බවට ඉන්දියාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව පාකිස්ථාන රජය පවසනවා.

පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

එලෙස ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකරනවා නම් ඊට පකිස්ථාන රජයේ සම්පූර්ණ සහාය ලබාදෙන බවයි ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මේ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිව තිබෙන මතභේදත්මක තත්ත්වය උපරිම සංයමයකින් විසඳා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබෙනවා.

එම සංවිධානය දෙරටෙන්ම ඉල්ලා ඇත්තේ ගැටුම් තවත් උග්‍ර නොවීමට වගබලා ගන්නා ලෙසයි.

එමෙන්ම ඕනෑම ගැටලුවක් අන්‍යෝන්‍ය මැදිහත්වීමක් හරහා සාමකාමීව විසඳා ගැනීම කළ හැකි බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙරටටම අවධාරණය කර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53