ඊශ්‍රායල – ලෙබනන් සටන් විරාමය සමග දහස් ගණනක් සිවිල් වැසියන් යළි නිවෙස් වෙත

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාම ගිවිසුමකට එකඟ වීම මත මේ වනවිට (27) දහස් ගණනක් වූ ලෙබනන වැසියන් සිය නිවෙස් බලා යාම ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ; ලෙබනන් වැසියන් දකුණු ලෙබනන තීරය වෙත පිටත්ව යාම ආරම්භ කර ඇති බවයි.

ඊයේ (26) පස්වරු 02ට පමණ මෙම සටන් විරාම ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේවෙතත් ඊශ්‍රායලය ප්‍රකාශ කර සිටින්නේ; ලෙබනන් සිවිල් වැසියන් දහස් ගණනක් දකුණේ සිය නිවෙස් කරා ආපසු යාමට පටන් ගැනීම සිදු වුණ ද, ඇතැම් ප්‍රදේශවලට ගමන් කිරීම එතරම් සුදුසු නොවන බවයි.

ඊශ්‍රායල – පලස්තීන සටන් අතරතුර ලෙබනනයට ද ප්‍රහාර එල්ල කෙරුණු අතර මාස 13ක පමණ කාලයක් දෙපාර්ශ්වය අතර දරුණු ගණයේ යුද ගැටුම් ඇති වුණා.

කෙසේවෙතත් ඊශ්‍රායල සහ ලෙබනනය සටන් විරාමයකට එළඹීමට එකඟ වන්නේ නම්; සිය පූර්ණ සාහය ලබාදෙන බවයි අමෙරිකානු ජනාධිපති බයිඩ්න් ප්‍රකාශ කර තිබුණේ.

ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද ගිවිසුම ප්‍රකාරව ලෙබනන් හමුදාවේ 5000ක භට පිරිසක් දකුණු ලෙබනනය ආරක්ෂා කිරීමට ද යෙදවීමට එකඟ වී තිබෙනවා.

එමෙන්ම ලෙබනන් වැසියන් දකුණු ලෙබනනයට ගමන් කිරීම ආරම්භ කිරීමත් සමග බීරූට් හි ප්‍රධාන මහා මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හිස්බුල්ලා සංවිධානයෙන් වසරකට ආසන්න රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා මීට මාස දෙකකට පමණ පෙර ලෙබනනයට ගොඩබිම් ආක්‍රමණයක් ආරම්භ කළා.

නමුත් යුද්ධ විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ ලෙබනනයේ සටන් විරාමය ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුද්ධයට සෘජුවම බලනොපාන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?