අධිකරණ නියෝගයකින් පළමු වරට නිධානයක් ගොඩගැනෙයි

රාජ්‍ය මැදිහත් වීමකින් සහ අධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙරට පළමු වරට නිධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙතෙක් කල් ඇතැමුන් හොර රහසේ නිධන් ගොඩගැනීම සිදු කළ බවයි.

නමුත් කිහිපවරක් සොරසතුරන් විසින් වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට අයත් ස්ථානයක ඇති ජනප්‍රවාදයේ සඳහන් නිධානයක් ගැනීමට බොහෝ උත්සාහයන් දැරුවත් ව්‍යාර්ථ වුණා.

එම නිධානය ගොඩගැනීමට උත්සාහ කළ ඇතැම් සැකකරුවන් මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

ඒ වේයන්ගොඩ පොලිසිය මැදිහත් වී එම සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මෙවන් පසුබිමකදී අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි එම ස්ථානයේ නිධානයක් තිබේ දැයි සොයා බලන ලෙසට පොලිස් විශේෂ කාර්‍යය බලකායට උපදෙස් දී තිබෙනවා.

එම පරීක්ෂා කිරීම්වලට අදාළව ස්කෑන් පරීක්ෂණවල ප්‍රතිඵල මත එහි යම් කිසි දෙයක් සඟවා ඇති බවටයි නිරීක්ෂණය වී ඇත්තේ.

ඒ අනුව අධිකරණය විසින් මහජනතාව ඉදිරියේ මේ මස 21 වන දින එම ස්ථානය හෑරීමට වේයන්ගොඩ පොලිසියට නියෝගය ලබා දී තිබෙනවා.

ඒ අනුව ඊයේ (21) දිනේ කැණීම් ආරම්භ කළත් කිසිවක් හමු වූ නොවූ අතර අද (22) දින යළි කැණීම් සිදු කරනු ලබනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භූ විද්‍යා හා කැණීම් කාර්යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය ද මේ සඳහා ලැබී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38